Thursday, May 14, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:04:00 PM
Computer Hardware ඉගන ගන්න අයට ඒ ගැන දැනුවත් කරන්න Blog වගයක් ලියනව කියල කිවුව මතක ඇති. මම ඒ කියපු දේ අද ඇත්තක් බවට පත් කරන්නයි හදන්නේ. අද ඉදන් ඉදිරියට මම මේ වගේ Computer Hardware ගැන පාඩම් මාලාවක් ලියනව. දැනට හිතන් ඉන්නේ සති දෙකකට සැරයක් වගේ අලුත් මේ පාඩම් මාලාව දිගටම කරගෙන යන්න. ඒත් ඔයාලගේ Coment අනුව ඒක වෙනස් වෙන්න පුලුවනත් ඔයාල හොදට මේ ගැන උනන්දුවෙන් බලනව කියල හිතුතොත් මම ඊට කලින් ඊලග Post එක දාන්න උත්සහ කරනව. ඒ හින්ද අනිත් ඒව වගේ නිකන් බලල විතරක් යන්න එපා. ඔයාලට වැදගත් වෙනව කියල හිතෙනවනම් මාව දිරිමත් කරන්නත් එකක් Coment එකක් දාන්න.

පලමුවන පාඩම නිසා වැඩිය දිගට කරන්න බලාපොරොත්තු වෙන් නැ. සරලව Computer එක ගැන හැදින්වීමක් කරන්නම් අදට. අනිත් දවසෙ ඉදන් ගොඩක් වැදගත් දේවල් දෙනව කියල පොරොන්දු වෙන්නම්.

ඉස්සෙල්ම කියන්න ඕකි පරිගණකයක් කියන්නේ මොකක්දෙ, ඒක හොයා ගත්තේ කවුද කියල.

පරිගනකය හොයා ගත්තේ චාල්ස් බැබේඡ් කියල විද්‍යාඥයා විසින් 1833 දි. මිට කලින් භාවිතා කරලපු දේවල් ගැන පරිගණකයේ ඉතිහාසය  කියල කොටසින් පැහැදිලි කරන්නම්.

පරිගණකයක් ලෙස හදුන්වන්නේ ඇතුලත් කරනු ලබන දත්ත කාර්යක්ෂමව හා වඩාත් නිවැරදි අයුරින් සංකීර්ණ ක්‍රීයාවලියකින් විශ්ලේෂණය/ සැකසීම සිදුකර ඵලදායි තොරතුරැ නිමවුමත් ලෙස ලබාදෙන විදුලි බලයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණයක් වශයෙන් හදුන්වා දෙන්න පුලුවන්.

මම ඒ කිවුව ක්‍රියා වලිය පහල විදිහට පෙන්වන්න පුලුවන්.


හරි ඒ ටික තේරෙන්න ඇති කියල හිතනව.

දැන් බලමු දත්ත කියන්නෙ මොණවද කියල. දත්ත වශයෙන් සරලව හදුවන්වන්නේ Computer වලට ඇතුලත් කරනු ලබන දේවල්. ඒ කියන්නේ අපි කිසියම් කටයුත්තක් සදහා පාවිච්චි නොකරපු දේවල්.

හරි තොරතුරක් කියන්නේ මොකක්ද කියල දන්නවද. අපි Input කර ගත්තු(ඒ කියන්නේ ඇතුලත් කර ගත්තු) දේවල් කිසියම් පිලිලෙකට. ක්‍රමයකට පහසුවෙන් තේරැම් ගැනීමට පුලුවන් විදිහට ක්රමාණුකුලව සකස් කලාම ඒකට තොරතුරැ කියල හදුන්වනව.

දැන් ඒ අපි කතා කලේ සරලම විදිහටනෙ. මේක තවත් චුට්ටක් ව්ශ්ලේෂණය කරල මේ විදිහට පෙන්වන්න පුලුවන්.


මීටත් වඩා විස්තර කරල ගන්න ඕන්නම් Google එකේ Search කරල බලන්න පුලුවන්. Computer Hardware කරනවන් Internet එකක් සම්බන්ද වෙලා දන්න දේ අලුත් කර ගන්න ඕනි.

ඔය ඇත් ඒ ගැන කිවුව. තව කියන්න ගියොත් මේක ICT Couse එකක් වෙනව.

පරිඝණකය කියන්නේ මොකක්ද කියල දැන් සරලව දන්නව ඇතිනෙ. දැන් බලන්න මේක හැදිල තියෙන්නේ මොණ මොණ දෙවල් එකතු වෙලාද කියල. පිටින් පේන ඒවයින්.

1. Moniter (දෘශය පිලිබිබු ඒකකය)
2. System Unit (මේකට CPU කියල කියන්න ඒපා. ඒහෙම කියන්නේ දන් නැති අය. මේක අස්සේ තියෙන පුංචි කොටසක් CPU කියන්නේ.)
3.Key Board
4. Mouse
5. Printer
5. Speaker

මේ වගේ ගොඩක් දේවල් එකතු වෙලා තමයි හැදිල තියෙන්නේ.

තවත් වෙනත් විදිහකට මේක හැදිල තියෙන විදිහ කිවුවොත්

1. Hardware
2. Software
3. Liveware

කියල දේවල් එකතු වෙලා. මේ බලන්න.


මේක අපි මුලින්ම කතා කරපු විදිහට විශ්ලේෂනය කලතේ මේ වගේ


මුලින්ම අපි මේ දැන් කියපු දේවල් ටික පැහැදිල් කරන්නම්. මුලින්ම කියලු එකේ ඉදන් පිලිවෙලට කියන්නම්.

Input Devices

මේ කියන්නේ අපි පරිගණකයට දේවල් ඇතුලත් කිරීමට භාවිතා කරන දේවල්.
උදා-
Keyboard                                   Touch Screen
Mouse                                        Microphone
Joystrick                                     Digital Camera
Scanner                                      Barcode Reader
Lightpen                                  

ඒත් එක්කම සම්බන්ද අනිත් එකත් කියලම අනික් ටික කියන්නම්.

Output Devices

මේ කියන්නේ අපි හදපු දේවල් ඒ කියන්නේ විශ්ලේෂණය කරලු දේවල් පිටතට ගන්න විදිහ.
උදා-
Moniter                       Printer
Speaker                      Plotter

Processing Devises

ඔන්න ඔයාලට මතකද දැන් ටිකකට කලින් මම කිවුව CPU කියල වචනයක්. අන්න ඒ කොටසින් තමයි දත්ත සකස් කරන්නෙ. CPU කියන වචනයේ තේරැම Central Processing Unit.
මේකත් කොටස් 2 කකට බෙදන්න පුලුවන්.


මේවයින් ALU කියන්නේ පරිගණකය තුල සියලුම ගණිතමය හා තාර්කානුකුල කටයුතු සිදු කරන ඒකකයයි. ඒකෙ තේරැම Arithmetic and logic unit

මේවයින් CU කියන්නේ පරිගණකයේ සියලුම පාලනය කිරිම් සිදු කරන කොටස. Control Unit

Storage Devices

අද දවසට මම කියා දෙන අන්තිම ටික තමයි මේ. මේ කොටසත් කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

1. Primary Storage Devices
   Eg - RAM
2. Secondary Storage Devices
  Eg - Harddisk
          Floppy Disk
          Optical Disk

මතකය  

මේ ගැනත් කියලම හිටියනම් ලේසියි කියල හිතෙනව. මතකය කිවුවාම කවුරැත් දන්නව ඇතිනෙ. මේකෙත් කොටද් තියෙනව.

1. Random Acess Memory (සසම්බාවී පිවිසුම් මතකය)
2. Read Only Memory (පඨක මාත්‍ර මතකය)
3. Clashe  Memory (වාරක මතකය)

Random Acess Memory

මේක තමයි පරිගනකයේ තියෙන තාවකාලින මතකය. ඒ කියන්නේ මේකෙ මතකය ස්තිර නැ. විදුලිය තියෙනකම් විතරයි තියෙන්නේ. ඒ වගේම මේකෙ තියෙන දේවල් අපිට වෙනස් කරන්න පුලුවන්. මේක ගැන ස්තිරවම තව දිර්ගව කතා කරනව. එතකම් මතක තියා ගන්න මේකෙ කොටස් සෙකක් තියෙනව. ආ මේ මම කිවුවෙ RAM එක කියන එක ගැන.

1. Static Random Access Memory (ස්ථිතික සසම්බාවී පිවිසුම් මතකය)
2. Dynamic Random Access Memory (ගතික සසම්බාවී පිවිසුම් මතකය)

Read Only Memory

මේක ස්තිර මතකයක්. ඒ කියන්නේ අපිට වෙනස් කරන්න බැ. බැ කිවුවට බැරිම නැ. පුලුවන් ගොඩක් මහන්සි වෙන්න ඔන්. ඒ හින්ද තමා මේකෙ ඒව වෙනස් කරන්න බැ කියන්නේ. මේකෙත් කොටස් කිහිපයක් තියෙනව.

1. Programmable Read Only Memory (ක්‍රම ලේකනය කල හැකි පාඨක මාත්‍ර මතකය)
2. Erasable Read Only Memoty (මකා දමමින් නැවත නැවත ක්‍රම ලේකනය කල හැකි පාඨ මාත්‍ර මතකය)
3. Electrically Erasable Programmable Read Only Memory (විදුලිය බාවිතයෙන් මකා දමමින් නැවත නැවත ක්‍රම ලේකනය කල හැකි පාඨ මාත්‍ර මතකය)

ගොඩක් මහන්සි ගොඩක් Type කලා. හිතුව තරම් පොඩි Post එකකුයි නෙවෙයි ලියන්න වුනෙ. ඒහෙනම් පස්සෙ දවසක හම්බවෙමු. Coment කරන්න අමතක කරන්න එපා.

බුදු සරණයි!

0 අදහස්:

Post a Comment