Tuesday, January 12, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 6:37:00 PM
ඔන්න ඉතින් Hardware කොටස් ගැන ලියන්නත් අදම පටන් ගන්නව. ඒත් එක්කම තමයි මම මේකෙදි කරන්නේ Computer එසේ අස්සේ තියෙන කොස් ගැන කතා කරම්නි ඒවයි තියෙන Port, Slot, Socket එහෙම වගේ ඔක්කොම ගැන කතා කරනව. ඒ හින්ද මේක ගොඩක් දිග් වෙයි. ඒ හින්න පොස්ට් දෙන තුනකින් දාන්න වෙයි. ඔක්කොම බලන්න. එහෙම නැතිම මම බාගයක් දුන්න කියල බනින්න ලැස්ති වෙන්න එපා.
කතා කරන්න හිතන් ඉන්න පිලිවෙල මුලින් කියන්නම්.


  1. -          Mother Board
  2. -         CPU
  3. -          RAM
  4. -          VGA
  5. -          Power Supply
  6. -          Hard Disk
  7. -          Disk Drive
  8. -          External Drive


ඔය වගේ දේවල් ගැන තමයි සරලව වගේම සංකීර්ණවම කතා කරන්න තියෙන්නේ.  ඒ හින්ද ගොව්‍ඩක් වැදගත් වෙයි කියල හිතනව.

Mother Board


Mother Board කිවුවාම ඕනි කෙනෙක් දැකල තියෙනවනේ.  මේකෙන් තමයි පරිගණකයක සිදු කරන කටයුතු වලින් බොහෝ දේවල් කරන්නේ. ඒත් එක්කම පරිගණකයට සවි කරන සියලුම දේවල් සවි කරන්නේ මේ කොටස‍ට.

Motherboard වල තියෙන කොටස් මේ විදිහට සරලව කියා දෙන්නම් මම.
  1. Processor Slot / Sockect
  2. ISA Slot
  3. PCI Slot
  4. AGP Slot
  5. AMR
  6. PCI Express Slot 16x / 1x
  7. Memory Slots (RAM Slot)
  8. Disk Drive Connector
  9. Power Conecter
  10. Chip Set
  11. Bus Line
  12. BIOS Chip
  13. BIOS Battery
  14. Jumper
  15. Front Panal Conecter
  16. Back Panal Connectors
මේවයින් ගොඩක් දේවල් ගැන කියල අද Post එකත් මම ඉවර කරල දාන්නම් කෝ.

Processor Slot / Sockect
 
 මේ තියෙන පොටෝ වල තියෙන්නේ Processer එක සම්බන්ධ කරන ස්ථානය හෙවන් Processer Slot/ Socket එකක් පින්තුර කිහිපයන්.  ඒවායින් මුල්ම කාලයේදී පරිගණකයේ RAM සම්බන්ධ කරන ස්ථානයේ පිහිටන සේ Slot එකක් ආ. (2 වන පින්තූරය බලන්න) එමෙත් ටික කාලයන් යන විය Pentium 3 හා Pentium 4 මුල් කාලයේදී සිදුරැ සහිත ආකෘතියන් සහිතව පැමිණියත් (1 වන පින්තූරය) ඉන් පසු Dual Core ආධී කාලයෙදී පින් සහිත Processes Socket එකක් ආව. (3 වන පින්තූරය)  මේවාත් එකක එක ආකාරයෙන් දියුණු කරන කාලයත් සමග වෙනස් මෙින් එනව. ඒ ගැන තව ටික දවසකින් කියන්න බලාපොරොත්තු වෙනවා.

PCI Slot /AGP Slot / PCI Express Slot 16x 

 


මේක දිහා බලන්න. මේවා ගැනත් ඉදිරියේදී දීර්ග විස්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේව ගැන කියල පටන් ගන්න එකෙන් තේරැමක් නැති වෙනවා. සරලව කිවුවොත් PCI  Slot කියන්නේ ඔය අන්තිමට තියෙන Slot එකක්. ඒතෙන් මුලින්ම VGA , Sound Card, Network Card ආධිය Computer එකට සම්බන්ධ කරන්න පාවිච්චි කළා. ඒ වගේම මේ කාලයේදීත් VGA සම්බන්ධ කිරීමට පාවිච්චි නොකලත් අනිත් Sound Card, Network card ආධිය සම්බන්ධ කිරීමට මෙම කොටස තාමත් පාව්ච්චි කරලවා. ඒ වගේම AGP කියන් P4 වගේ පරිගණක වල VGA එක් Separate සම්බන්ධ කිරීමට පැමිණි කොටසයි. ඒ වගේම PCI Express කියන්නේ මේ කාලයේ VGA සම්බන්ධ කිරීමට භාවිතා කරන කොටස. මේවයින් තවත් දේවල් කරන්න පුලුවන්. ඒව ගැන පස්සේ කියන්නම්.

Memory Slots (RAM Slot)

 

 Computer වලට රැම් සම්බන්ධ කරන්නේ මෙන්න මේ උඩ පින්තූරයේ තියෙන කොටසින් කමයි. මේවයිත් විවිධ කාල වලදී විවිධ වර්ග ආව. ඒව
  • SD
  • RD
  • DDR 1
  • DDR 2
  • DDR 3 
  • DDR 4
වගේ විවිධ නම් වලින් ආව. මේ කිවුව කොටස් තුන ගැනම වෙන වෙනම ලොකු පොස්ට් එකක් දාන්න ඉන්නව.   ඒව මම ඉක්මනටම දාන්නම්.

 Disk Drive Connector

 

 Computer එකට Hard Disk, CD/DVD Drive පරිගණයට සම්බන්ධ කරන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි. ඒතට ප්‍රධාන වශයෙන් කොටස් 03 ක් අපි පාවිච්චියේදී හමුබවෙනවා. ඒව තමයි මේ.
  • Floppy Disk Drive Conecter (මේවා දැන් වැඩිය භාවිතා කරන්නේ නෑ)
  • IDE Connecter (මේවාත් මේ කාලයේදී වැඩි වශයෙන් භාවිතයෙන් ඈත් වෙමින් පවතිනව. සමහර අලුත් Mother Board වලනම් මේ Slot එක එන්නේ නෑ)
  • Sata Connecter මේක තමයි දැන් වැඩි වශයෙන් පැවිච්චි කරන්නේ. Hard Disk, CD/DVD Drive සම්බන්ධ කිරීමේදී මේ කොටස අපිට පාවිච්චි කරන්න වෙනවා.
 Power Conecter

 

 පරිගණකය විදුලිය හා සම්බන්ධ කරන්නේ මේ කොටසින්. මේක මුල් කාලයෙදී පොඩි කොටසක් ලෙස ආවත් පසුව Pin 20, Pin 20 + 4, Pin 24 + 4, Pin 24 + 6 වගේ ඒවයින් ආව.ඒ ගැන Power Supply ගැන කතා කරද්දි කියා දෙන්නම්.
 
Chip Set


පරිඝනකයේ සිවලුම කොටස් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ මේ කොටස මගින්. පරිගනකය නවීකරණය වීමත් සමග/ මේ කොටස විවිධ වෙනස්කම් හා පුලුල් වීම් මගින් කොටස් වලට බෙදෙමින් හා කොටස් එක් වෙමින් ඇවිත් තියෙනවා. ඒ ගැන අන්තිමට කියල දෙන්නම්. 

Bus Line


මේවයින් තමයි පරිඝනකය හරහා විදුලිය එහා මෙහා යවන්නේ. මේවායින් හරියට විදුලිය ගමන් නොකරන වෙලාවට පරිඝනය Slow වීම, පරිඝනය ඔන් නොවීම, නිතරම පරිඝනකය Restart වීම වගේ දේවල් සිදුද වෙන්න පුලුවන්

BIOS Chip


මේ කොටසින් තමටි පරිඝනකයට සම්බන්ධ කරන උපකරන හදුනාගන්නේ. ඒ කියන්නේ මුලින්ම BOOT වෙන්න ඕනි Hard Disk එක DVD ROM රක වගේ දේවල් හදන්න තියෙන්නේ. මේකෙන් හදුනාගන්න හමුරැ දේවල් Drivers වලින් හදුනා ගන්නවා. මේ Chip එක වැඩ කරන්නේ නැති වුණාම පරිගණකය ඔන් වෙන්නේ නෑ.

BIOS Battery


මේ කොටසින් තමයි පරිඝණකයේ ඇති සාමානය මතකය තබා ගන්නේ. ඒ කියන්නේ සරලව පරිගණකයේ වෙලාව නිවැරදිව වැඩ කරන්නේ ටම් බැටරිය මගින්. මේකේ අපිට Biso වලට දාල Password වුණත් අයින් කරන්න පුලුවන් හැතියාවක් තියෙනවා. ඒ වගේ වැදගත් දේවල් මේ Battery එක මගින් සිද්ද කරන්න පුලුවන්.


Front Panal Conecter


පරිගණකයේ ඉදිරිපස USB Port, Sound Port වගේ දේවල් සවි කරන්නේ මේ කොටසට තමයි. මේ පොටෝ එකේ තියෙන්නේ ඒ තැන් තමයි.

Back Panal Connectors


පරිඝනකයේ පිටිපස්සේ ඇති USB, Sound, VGA, Serial, Network වගේ දේවල් හදුන්වන්නේ මේ නමින් තමයි. මේ උඩ Photo එක බලන්න.


ඔන්න Mother Board එක ගැන නම් කියල ඉවර කරා කෙටිවෙන්. මේ වගේ නෙවෙයි. මේක ගොඩක් විස්තර ඇතිව බලා ගන්න පුලුවන් මේ පොස්ට් එක ඉවර වෙනකම් බැලුවොත්.

බුදු සරණයි.

0 අදහස්:

Post a Comment