Saturday, April 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:14:00 AM

අද මම කියා දෙන්නේ ගොඩක් අයට වැදගත් වන දෙයක් තමයි. කොහොමද ඔයාලගේ ඇන්ඩොයිඩ් පෝන් එකට සිංහල දාගන්නේ කියල. මේක මගෙ ක්‍රමයක් නම් නෙමෙයි. මම මේක හොයා ගත්තේ FB එකේ දාල තිබුන Post එකක් මගින්.

හැබැයි මේක කරන්න නම් පෝන් එක රෑට් කරල තියෙන්න ඕනි. එහෙම රෑට් කරල නැත්තම් මෙතනින් ගිහින් රෑට් කර ගන්න. එතකොට හරිනේ.

1.     ඔයාලගේ පෝන් එකේ Root explorer කියල ඇප් එකක් තියෙනවද බලන්න. එහෙම එකක් නැතිනම් ‍මෙතනින් ගිහින් අර ගන්නකෝ. හැබැයි ඒක install කරන්න Unknow sources on කරල ති‍යෙන්න ඕන්.

 


-         ඒක කරන්නේ setting වල  ඇති Security කියල එකක්. එකේ මැද හරියෙ    ඇති Unknow sources කියන එක. ඒකට හරි ලකුණ දාන්න එතකොට install කරන්න පුලුවන්.


2.     ඊලගට මෙතනින් ගිහින් sinhala font ටික Download කර ගන්නකෝ. ඒක "DroidSansFallback" විදියට Rename කර ගන්න. මේ font එකට කැමති නැත්නම් වෙන font එකක් මේ විදියට Rename කලත් හරි. ඒ පොන්ට් එක දාගන්නකො ඔයාලගේ Phone memory යට හරි memory card එකට.

3.     ඊලගට Root explorer කියන ඇප් එක open කරල ඒකෙන් ගිහින් අර Phone memory යට හරි memory card යට කොපි කර ගත්තු sinhala font එක කොපි කර ගන්න.

 

4.     ඒකෙන් බැක් වෙලා system කියන එකට යන්න. එකෙ පහල හරියෙ ඇති  fonts කියල එකක්. අන්න ඒක අස්සට යන්නකෝ. දැන් අපට තියෙන්නේ Font ටික  Paste කර ගන්න.
 

5.     දැන් මුලින්ම උඩින් තියන Mount R/W කියන එක Mount R/O කියන විදියට වෙනස් කරන්න. ඊලග‍ට අපි අර Copy කර ගෙන අපු Font ටික Paste කරන්න. එතකොට yes/ no කරන්න එකක් එයි. ඒක yes කරන්න. 

 දැන් තියෙන්නේ දැපු Font එකේ Permision හදන්න. Permision හදන්න දන් නැති අය මෙහෙම හදන්න.
මෙතනින් බලන්න

දැන් phone එක Reboot පාරක් දාල on කර ගන්න.
 


දැන් බලන්නකෝ මොනව හරි Sinhala Unicode වලින් type කරපු Webpage එකකට ගිහින්. ආආ ඒක ලස්සනට වැඩ කරනවා නේද.....

දැන් තවත් කට්ටියක් අහන ප්‍රශ්ණයක් තමයි කොහොමද අපි සිංහලෙන් type කරන්නෙ කියල. ඒකට playstore ඒකේ තියෙනව Helakuru කියල නොමිලේ ගන්න පුල්වන් ඇප් එකක්. අන්න ඒක install කර ගන්නකෝ. එතකොට ඒ ප්‍රශ්නෙනුත් නිදහස්.

6 comments: