Thursday, May 21, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:35:00 AM
ඔන්න අද කියා දෙන්න තියෙන්නෙත් ටිකක් ලේසි පාඩමක් තමයි. ගොඩක් වෙලාවට ඊලග දවසට කම් අහු වෙයි ටිකක් අමාරැ ටිකක්. ඒ ටිකත් මම පුලුවන් තරම් ලේසි වෙන්න කියා දෙන්නම්.

අෂ්ටමය සංඛයා පද්ධතිය

මේක ටිකක් දිග පොස් එකක් වෙයි කියල හිතෙනව. අද දවස මේ Post එකෙන් බවර කරන් බලාපොරොත්තුවෙන් ඔන්න අදත් ලියන්න පටන් ගන්නව.

අෂටමය සංඛයා පද්ධතිය කියනක්නේ අටේ පාදයේ සංඛයා පද්ධතියට කියල කවුරැ ත් දන්නව ඇතිනෙ.  ඒත් එක්කම මේ සංඛයා පද්ධතිය හැදෙන්න සංඛයා 8 ක් බාවිතා වෙනව. ඒවා තමයි

0, 1, 2, 3, 4, 5, 6, 7

ඔන්න ඔය සංඛයා වලින් තමයි මේ සංඛයා පද්ධතිය හැදෙන්නේ. ඒ කියන්නේ මේක අටේ බලයක් වශයෙන් තමයි අපි කලින් වගේ ගණන් හදන්නේ.

පුරැදු විදිහටම අපේ පාදයේ එකක් දහයේ පාදයට හරෝල අදත් වැඩ පටන් ගනිමු.

උදාහරණය විදිහට ගමු  1268 කොහොමද හරවන්නේ කියල.
  




ඔය විදහට ඕකිම සංඛයාවක් දහයේ පාදයට හරවන්න පුලුවන්.

කලින් Post එකේදි කියන්න බැරි වුණ දෙයක් මම කියන්නම් සාමාන්යෙන් අපි නිතරම බාවිතා කරන්නේ 10යේ පාදයේ සංඛයා නේද. ඒව භාවිතා කරද්දි පැත්තෙන් ලියන් නැ මේක 10යේ පාදයේ එකක් කියල. ඒත් අනිත් සැම සංඛයා පද්ධතියකදිම අපි ඔය හහ මේක ලිවුව වගේ පොඩියට යටින් ලියනව මොන පාදහය කියල. (ඒ කියන්නේ 2 පාදයේද, 8 පාදයේදි, 16 පාදයේදි ඒ විදිහට ලියන්න ඒනි.)

දැන් බලමු දහයේ පාදයේ සංඛයාවක් අටේ පාදයට හරවන්නේ කොහොමද කියල.

ඒක කරන්නෙත් අපි කලින් 2 පාදයේ එකක් හරවපු විදිහටමයි. අපි උදාහරණයක් විදිහට බලමු 103 කොහොමද අටේ පාදයට හරවන්නේ කියල. 


ඔය විදිහට පුලුවන් ඕනිම දහයේ පාදයේ සංඛයාවක් අටේ පාදයට හරවන්න. ඔයලත් හදල බලන්න.

දැන් බලමු දෙකේ පාදයේ සංඛයාවක් අටේ පාදයට හරවන්නේ කොහොමද කියල.

ඒකටත් කරන්න තියෙන්නෙ පොඩි දෙයක් විතරයි. මම කරන හැටි කියා දෙන්නම්. අපි මේකෙදි උදාහරණය විදිහට ගමු 110011012 කොහොමද අටේ පාදයට හරවන්නේ කියල.

ඒ සංඛයාව අන්තිමේ ඉදන් මුලට ඉලක්කම් 3න ගානෙ වෙන් කර ගෙන එන්න ඕනි. (එහෙම කරන්නවට අපි කියන්නේ බිටු 3 බැගින් වෙන් කරනව කියල) 



හරි එහෙම වෙන් කලානම් භට පස්සේ මේ විදිහට කරන්න තියෙන්නෙ.
  


හරිනෙ එහෙනම් ඒක කරන්නෙ කොහොමද කියලත් ඔයාල ඉගම ගත්ත නේද. දැනි තියෙන්නේ අද දවසෙ අන්තිම චුට්ට.

දැන් බලමු අටේ පාදයේ සංඛයාවක් දෙකේ පාදයට හරවන්නේ කොහොමද කියල.

ඒකෙදි අපිට කරන්න තියෙන්නේ ඉතාමත් සරල දෙයක්. ඒත් පොඩ්ඩක් පැටලෙන ඉන්න හොදට අවදානයෙන් බලල කරන බලන්න. මතකද මම කිවුව කලිව් එකේද දෙකේ පාදයේ සංඛයා අටේ පාදයට හරවද්දි බිටු 3කින් තියන්න ඕනි කියල. මේකෙත් වෙන්නේ ඒකම තමා. අපිට අටේ පාදයේ හම්බවෙන සංඛයාව තනි තනි බලක්කම විදිහට අරන් ඒක බිටු 3කට වෙන් කරල, පිලිවලට කියෙන එක තමයි මේකෙන් කරන්න තියෙන්නේ.

අපි උදාහරණය විදිහට ගමු 658 කොහොමද හරවන්නේ කියල.දැන් මේ ගාන අපි වෙන් කරල ගන්න ඕනිනෙ.
                                                6     5 8
ඔය විදිහට මුලින්ම වෙන් කරගෙන එක එක සංඛයාව වෙන වෙනම දෙකේ පාදයට හරවල පිලිවෙලට තියන්න ඕනි.


දැන් ඔය විදිහට ගාන හැදුවාම උත්තර එනවනේ. ඒව පිලිවලට තිබ්බාම හරි.

1101012

දැන් අපි හදපු ගානෙ උත්තරේ ඔහොම තමා එන්නේ.

ඔයාලට ලේසි වෙන්න අටේ පාදයේ සංඛයා අප දෙකේ පාදහට හැරෙවුවාම එන විදිහ මම දෙන්නම්.

ඔන්න අද දවසෙ පාඩමත් ඉවර කලා. ගොඩක් Software පාවිච්චි කරල ගොඩක් මහන්සි වෙලා හදන්න උන පාඩම් මාලාවක් කමයි මේක. බුදු සරණයි නැවත හමුවෙම්.

0 අදහස්:

Post a Comment