Wednesday, May 20, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:40:00 AM
සංඛයා පද්ධතිටක් අපිට නිරිවචනය කරන්න පුලුවන් මේ විදිහට. ඕනැම පරිමිත අගයක් දරක්වීමට හැකි කිසියම් නිකිල කුලකයක් සංනයා පද්ධතියක් ලෙස හදුන්වනව. ගණන් ගන්න එපා මම දරන් කිවුව ටික ගොඩක් අයට තේරෙන්න නැතිව ඇති. මේක ඉවර වෙන කොට ඔයාලට ඔය කිවුවෙ මොකක්ද කියල තේරෙයි.

අපි සාමානයෙන් සංඛයා පද්ධති 4 ක් බාවිතා කරනව
-          1.  ද්විමය (Binary Number System)
-          2.   අෂ්ටමය (Octal Number System)
-          3.  දශමය (Decimal Number System))
-          4.  ෂඩ් දශමය (Hexa- Decimal Number System)

මේ ටික ගැන තමයි මම කියා දෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නෙ.

මුලින්ම හැමෝම දන්න තැනින් පටන් ගන්නම්. කවුරැත් දන්න Number System එක තමයි දශමය Number System එක. ඒකෙන් මුලින් පටන් අරන් අමාරැම එක දක්වාම කියා දෙන්නම්.

දශමය සංඛයා පද්ධතිය

මෙහෙම කිවුවාම තේරෙන් නැති අයට දහයේ පාදයේ සංඛයා පද්ධතිය කිවුවාම හොදට තේරෙයි නේද?
ඒ කියන්නේ මේ සංඛයා පද්ධතියෙදි භාවිතා කරන්නේ අංක 10 ක් විතරයි. ඒවා නම්
0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9

මේ සංඛයා පද්ධතියෙදි භාවිතා වන සියලුම සංඛයා දහයේ බලයක් විදිහටයි දක්වන්නේ.
උදාහරනයක් විදිහට අපි බලමු 123 හැදිල තියෙන්නේ කොහොමද කියල.


  
ඔන්න දහයේ පාදයේ සංඛයා පද්ධතිය හැදෙන හැටි කියා දුන්න. මේකන් ලේසියි කියා දෙන්න. අනිත් ඒව තමයි අමාරැ. ඔයාලත් ගානක් හදල බලන්න තේරැනද කියනල. Coment එකක් දාන්න පුලුවන්නම් මම හරිද නැද්ද කියලත් කියන්නම්.
                                                                                                                                
ද්විමය සංඛයා පද්ධතිය

ද්විමය සංඛයා පද්ධතිය කියල තේරෙන් නැති අය දෙකේ පාදයේ සංඛයා පද්දතිය කිවුවාම තේරෙනව ඇතිනෙ. ඒ කියන්නේ මේකෙදි භාවිතා වෙන්නේ සංඛයා දෙකක් විතරයි. ඒන තමයි
0, 1

මෙන්නන මේ සංඛයා දෙකෙන් තමයි හැම දේම හැදෙන්නේ. මේ සංඛයා පද්ධතිය තමයි පරිගණකය ක්‍රියා කරන්න බාවිතා කරන්නේ.

ඒකත් කලින් වගේම උදාහරණයකින් පැහැදිලි කරන්නම්. 1012 කියන දෙකේ පාදයේ සංඛයාව අපි බලමු.


ඔය විදිහට අපිට පුලුවන් දෙකේ පාදයේ සංඛයාවන් දහයේ පාදයට හරවා ගන්න ඕනිම වෙලාවක.

දැන් කියන්නම් දහයේ පාදයේ සංඛයාවක් දෙකේ පාදයට හරවන්නේ කොහොමද කියල

ඒකත් කරන්න තියෙන්නේ පොඩි දෙයක්. මේ විදිහට කරල ඒක එදා ගන්න පුලුවන්.
අපි උදාහරණයක් විදිහට 23 න හැදෙන්නේ කොහොමද කියල බලමු.


මේ පාඩම් මාලාව Post 4කින් විතර ඊවර කරන්න පුලුවන් වෙයි කියල මම හිතනය. මේ පාඩම් මාලාන වැදගත් වෙන කෙනෙක් ඉන්නවනම් කියන්න. මම Post ටික ඉක්මනට දාන්නම්.

ඒත් එක්කම අදට පාඩම ඉවරයි. ආයෙත් දවසක හමුවමු. සුබ දවසත්.

2 comments: