Sunday, October 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:13:00 PM

ඉතින් මම කලින් ඉදල E-tel පෝන් වලට කරන්න පුලුවන් දේවල් කියා දෙනවනේ. හැමෝම  වගේ කියන්නේ Etel පෝන් වලට Rom ගහන්න බැ, ඒවට Update එන්නේ නැ කියල නේද.


China පෝන් වලින් Update එන්නේ නැ කියලනේ කට්ටිය කියනවනේ.  නමුත් Micromax, Huawei වලට විතරක් Update එනවනේ. එහෙනම් E-tel වලට Official Roms ආවෙ නැතිවට  Custom Rom ගහන්න පුලුවන් අද ඉදන්. මම මීට කලින් Post එකක් දැම්මනේ E-tel වලට පොඩ් බග් තිබ්බට හොදට වැඩ කරන Custom Rom එකක් ගැන..



අද මම Rom එකක් නම් දෙන් නැ. අලුතෙන් Rom එකක් හොයා ගන්න හැටි ඔයාලට කියා දෙන්නේ. මම නම් හිතන් නැ ලංකාවේ කිසිම කෙනෙක් මම කියනකම් E-tel i7 වලට Custom Rom එකක් ගහල ඇති කියල. මම කියා දෙන්නම් මම හොයා ගත්තු දේ ඔයාලට.

E-tel පෝන් කියන්නේ ලංකාවේ හදන පෝන් එකක් නම් නොවෙයිනේ. මේක පිට රටක හදල ලංකාවට ගෙනත් නම වෙනස් කරල විකුනන එකක්. ‍
 
E-tel පෝන් එක Made in China වුනාට මේකත් එක්ක ටිකක් සම්බන්දයක් තියෙනව Philippiness පෝන් සහ Indian පෝන් එක්ක.

පොඩ්ඩක් ඔයාලගේ පෝන් එකේ Mobel Number, Build Number, Kernal Version වගේ ඒව අනික් පෝන් එක්ක සන්සන්දනය කරල බලන්න.  අනිත් එත Spics, konka, cherry mobile ගැන වැඩි අවදානයන් දාන්න. එතකොට ඔයාලටත් ගැලපෙන ROM එකක් හොය‍ා ගන්න පුලුවන් වෙයි.

මම හිතන විදිහට E-tel i7 එකෙ ඇත්ත නම තමයි Konka tuxdo w990 කියන්නේ. තවත් මේ පෝන් එක වෙන වෙන නම් වලිනුත් ‍Market එකේ තියෙනව. ඒ නම් තමයි Spice mi-500 හා Cherry Mobile Titan w500. මේ නම් තුනින්  ඕනි එකකින් අපිට Custom Rom හොයා ගන්න පුලුවන්.



 මම E-tel i7 එකට රොම් හොයා ගත්ත වගේ ඔයාලටත් පුලුවන් වෙයි රොම් එකක් හොයා ගන්න.

පුලුවන්නම් රොම් එක ගහන්න කලින් CWM දාල Backup එකක් අරන්  CWM වලින් Flash  කරන්න පුලුවන්  Rom එකක්  හොයා හෙන  Flash කරන්න.  මොකද අවුලක් වුනොත් Backup එක resote කරන්න පුලුවන් නේ.

වැදගත් දේ තමා ඔයාල හරියන් නැති Custom Rom එකක් ගහල පෝන් එක Company යවල Rs.200 කි දිල Software ගහන්න වුනොත් ඒ ගැන මම වග කියන් නැ

0 අදහස්:

Post a Comment