Sunday, October 19, 2014

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 12:33:00 PM

 මේ දවස් ටිකේම දුන්න ඔක්කොම දුන්නේ Etel i7 එක පාවිච්චි කරන අයටනේ. ඉතින් අනික් අය මාත් එක්ක තරහ වේලාද දන්නේ නැ. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ හැමෝටම වැදගත් වන Post එකක් ගේන්න කියල හිතුව.

ආ ආ අද මම කියා දෙන්න යන්නේ ROM එකක් අලුතින් ගහන් නැතිව Model Number එක වෙනස් කරන්නේ කොහොමද කියල.මේක ගොඩක් Chiness Phone පාවිච්චි කරන අය බලයි කියලනම් හිතෙනව.

මුලින්ම කියන්නම් මේක කරල අය හරියටම කරන්න. මොකද මොකක් හරි අවුලක් වුනොත් නම් මම වග කියන්නේ නැ.

මේක මම කරන්න කියා දෙන්නේ පොඩි App එකක් ආදාරයෙන්. මම Link එකක් දෙන්නම්. මේක ටික කාලයක් යනකොට වැඩ කලේ නැත්තමි Playstore එකෙන් හරි වෙනත් ඕනිම තැනකින් Download කර ගන්න. 

X-Plore මේ App එකේ නම. මේක මුලින්ම Download කර ගන්න. 
    Playstore
    Direct


ඒක Install වුනාම ඒක Open කරන් මම දෙන Path එකේ යන්න.
  /(Root)- System-


මේකෙ යටම ඇති build.prop කියල එකක්. ඒක Touch කරන් ඉදල යටම තියෙන Edit Text කියන එකට යන්න.


මේකෙන් මම කියා දෙන ටික විතරක් වෙනස් කරන්න. අනිත් ඒවයින් මොනව වෙනවද කියල මමවත් තාම දන් නැ.
මේව වෙනස් කරන්න.
            Ro.build.model             - model එකක් යොදන්න
            Ro.product.brand                     - brand එකක් යොදන්න
                  Ro.product.manufacturer          - manufacturer යොදන්න
උදා-

Ro.build.model             - Spice Mi-500
Ro.product.brand                     - Spice
Ro.product.manufacturer          - Spice


ඔය මම කියා දීපු ටික විතරක් වෙනස් කරල Save කරන්න. 


ඊට පස්සේ Reboot පාරක් දාල බලන්න About වලට ගිහින්. වැඩේ ගොඩ ගියොත් හරි අවුලක් වුනොත් හරි Comment එකක් දාන්න.


මම මේක බැලුවේ Etel i7 එකේ ඒකෙනම් අවුලන් වුන් නැ. මීට අමතරව Etel i6 , Samsung s4 korian , Samsung note 1 korian , Samsung note 3 korian වල කිසිම අවුලක් නැතිව හොදට වැඩ කරනව.

0 අදහස්:

Post a Comment