Monday, December 28, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:05:00 PM
මේ කියා දෙන දේ ගොඩක් අයට වැදගත් නැති දෙයක් කියල මම දන්නවා. ඒත් කියන්න කියල හිතුවේ මේ වගේ දේවල් දැන් වැඩිම මමත් පාවිච්චි කරන්නේ නැති හින්ද ටික කලක් යනකොට අමතක වෙලා ගන්න පුලුවන්. ඒ වගේ වෙලාවට මටත් අනිත් අයටත් මේක වැදගත් වෙනවා.


මේ වගේ දෙයක් ගැන සිංහලෙන් තියෙන වෙන Blog එකක් නම් මම දැකලා නෑ. ඒ හින්දයි වැඩියම කියන්නේ. English දන්නවනම් මේක කරන්නේ කොහොමද කියල හොයා ගන්න පුලුවන්.ඕනි තරම් Blog තියෙනවා. ඒත් සිංහලෙන් කියලත් එකක්වත් තියෙන එක වැදගත් වෙනවානේ.

හරි මේක කරන හැටි මම කියා දෙන්නම් මේ විදිහට.

මුලින්ම XP CD එකක් ROM එකට දාල එක Boot කරන්න.


හරි දැන් මේ වගේ තැනකට එයි. ඒකෙන් R අකුර ඔබල Recovery Colsole එකට යන්න.


හරි දැන් මේ වගේ එකක් එයි. (Administrator Password දාල තියෙනව නම් විතරයි ගොඩක් වෙලාවට එන්නේ. එතනදී 1 ගහල Enter කරන්න )


Password එකක් දාලනම් ඒක Type කරල Enter කරන්න.






හරිනෙ එහෙනම්. දැන් මේ වගේ එකක් එයි. ඒකේ Help කියල Type කරල Enter කරන්න.



එනතට එනකම් හරියට කරන්න ඇති කියල හිතනව මං. දැන් අපිට කරන්න තියෙන්නේ මේකේදී Space එක ඔබල පහලට යන්න.
දැන් එතනදි fixboot කියල Type කරල Enter කරන්න.
දැන් එයි ඒ ඔයා දුන්න Function එක හරිද බලන්න එකක්. ඒකේදී y අකුර ගහල Enter කරන්න.






දැන් මෙතනදී fixmbr කියල Type කරල Enter කරන්න.


හරිනේ දැන් මේ උඩ පින්තුරෙ විදිහට වෙන්න ඇතිනේ. දැන් අපිට තියෙන්නේ මෙතනදී chkdsk /p c: කියල හරියට type කරල Enter කරන්න. දැන් චුට්ට වෙලාවක් යනකොට මේ වගේ ඒකත් වෙලා ඉවර වෙයි.



 හරි දැන් අපිට කරන්න තියෙන ඊලග පියවරට යමු. මෙතනදී අපි Type කරන්න ඕනි chkdsk /r c: කියල Enter කරන්න.






හරි දැන් අපි කරන්න තියෙන ඔක්කොම කරල ඉවරයි. හැබැයි මේ අනිත්ම එක වෙන්න ටිකක් වෙලා යයි හොදේ. දැන් ඒ වැඩේ ඩවරයිවේ. දැන් අපිට ඕනිනම් මෙතනදී chkdsk කියල Type කරල Enter කරන්න.

ඒකත් කරල ඉවර වුනාම අපි මේ ඔක්කොම ඩවර කරන්න exit කියල Enter කරන්න.






ඔන්න දැන් Computer එක වෙනදා වගේම හොදට ඔන් වෙයි. 

හරි එහෙනම් මම ගියා වෙනත් පොස්ට් එකකින් හමුවෙමු.

බුදු සරණයි.

0 අදහස්:

Post a Comment