ANDROID APPLICATION

WIFI APPLICATION AND SOFTWARE

REVIEW

ANDROID

WINDOWS COMPUTER SOFTWARE

TV SERISE

Tuesday, April 9, 2019

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:27:00 AM
මෙන්න මේක ගොඩක් වැදගත් වෙයි Hardware ඩගන ගන්න අයට. මේ වගේ දේවල් දන්නේ නැතිව Hardware ඉගන් ගන්න අමාරැයි. මේ දේවල් වලින් කමියි ප්‍රධාන වශයෙන් Domputer එකක් වැඩ කරන්නේ කිවුවොත් මම හරි කියල හිතනවා.

CPU - Central Processing Unit 
           (මධ්‍ය සැකසුම් ඒකකය)

පරිගණකයේ සියලුම කටයුතු හා ඒ කියන්නේ ගණනය කිරීම් හා පාලනය කිරීම් වලට අධාල දේ වලින් බොහෝ දේවල් සිදු කරන්නේ මේ කොටස මගින්. මේ කොටසේ වේගය අනුව පරිඝණකයේ වේගය තීරණය වෙනවා. ඒ කියන්නේ කඑන්න පුලුවන් වැඩ ගණන තීරණය කරන්නේ මේ කොටස මගින් තමයි. (පරිගණකයේ කාර්ය්‍යන්ෂමතාව මේ මගින් ඉටු වෙනවා)

මේව ගැන කතා කරද්දි මත

1.  Clock Speed - ඝටිකා වේගය


පරිගණකයේ වැඩි දෙනෙක් කියන Speed එක මේ නමින් හදුන්වනවා. පරිගණකයේ කරන්න පුලුවන් වැඩ කොටස් ප්‍රමාණය (තත්පරයකට කරන්න පුලුවන් වැඩ ගණන) තීරණය කරන්නේ මේ කොටසින්. මේකේ වේගය ගණනය කරන්නේ Mhz වලින් ඒක් දැන් නවීම පරිඝනක වල Ghz වලින් Speed එක මනිනවා.

2.  CPU හි ධාරිතාව

මේ කියන්නේ වරකදී CPU එකෙහි ගබඩා කරල මෙහෙවන්න පුලුවන් උපරිම Bit ප්‍රමාණයයි.

පරිගණකයේ CPU එක Designs කරල තියෙන්නේ මෙන්න මේ පහත විදිහටයි. ඒ කියන්නේ පහත ආකාරයට Bit පාවිච්චි කරලයි.


4-Bit  Designs              Intel 4004                                 1971
8-Bit  Designs              Intel 8008                                 1972-1994 
16-Bit  Designs            Intel 8086                                 1978-1984
32-Bit  Designs            Intel 80386                               1987-1992
64-Bit  Designs            Intel Pentium 1-IV                     2005
Multi core  Designs      Intel Dual-Core
                                   Intel Core 2 Duo
                                   Intel Core 2Quad
                                   Intel i3, i5, i7                              2008


එන්න ඒ ටිකනම් කියල ඉවර කලා. දැන් කියන්නේ වැදගත්ම එක.

Cache Memory වාරක මතකය


මේ කොටසින් කරන දේ කියල ඒ ගැන විස්තරයක් මම කියන්නම්. මේ කොටසින් කරන්නේ අපි පරිගණකයට ලබා දෙන උපදෙස් මේ කොටසේ තැන්පත් කරගෙන ඒවා එකින් එකට පිළිවෙල පොසෙසරය වෙත ලබා දෙන එකයි. මේහි ධාරිතාව වැඩි වෙන්න වෙන්න පරිගණකයේ වැඩ කරන්න පුලුවන් ප්‍රමානය වැඩි වෙනවා. ඒ කියන්නේ වැඩි වැඩ කොටසක් හිර වෙන්නේ වැති වෙන්න කරන්න පුලුවන්.
මේ කොටසේ මතකය තාවකාලික මතකයන් වෙයිත මේකේ කොටස් කිහිපයකි.
  1. L1 ප්‍රාතමික වාරක මතකය (Primary Cache memory)
  2. L2 ද්විතියික වාරක මතකය (Secondary Cache memory)
  3. L3 නිශ්චිත වාරක මතකය
ඔන්න Processer ගැන කියන්න තියෙන දේවල් කියල ඉවරයි.  මේවායේ වර්ග පිලිබදව මේ වගේ දේවල් ටික කතා කරල බවර වෙලා කියන්න බලාපොරොත්තු වෙනවා.

RAM- Random Access Memory


CPU එකෙහි අවශය දත්ත කෙටි කාලීනව තාවකාලීනව රදවාගන්නේ මේ කොටස මගින්. ඒ කිය්නේ දත්ත Processer එකට යවන තෙක් මේ කොටසේ රදවා තියෙනවා. එහෙන නැතහොත් ස්ථිර මතකයක ගබඩා කරන තෙක් මේ කොටසේ රදවා තබනවා. අපි පරිගණකය ඔන් කර එය පාවිච්චි කරන අවස්ථාවේදී Hard Disk එකේ තියෙන පරිගණකය On කරන්න අදාල වෙන දත්ත Ram එකට ගන්නවා. ඒ වගේම On කරල වැඩක් කරද්දි ඒ දත්ත Hard Disk එකෙන් RAM එකට ගන්නා. අපි ඒව Save කරනතම් තියෙන්නේ RAM එකෙහි.

RAM වර්ග ගැන කතා කලොත් ඒවයි ප්‍රධාන ආකාර දෙකක් විදිහට දක්වන්න පුලුවන්.
  1. SIMM
  2. DIMM
SIMM (Single Inline Memory Module)

මේ ආකාරයේ රැම් දැන් පාවිච්චි කරන්නේ නෑ. පරන පරිගණක වල භාවිතා කරල තියෙන්නේ.
ඒවගිත් කොටස් 2 ක් තියෙනවා. මේ රැම් වර්වල වේගය 66 MHz වන අතර මේවා පාවිච්චි කලේ 486, Pentium 1 කාලයේදීයි.
  1. FPM (First Page Modual) මේ රැම් වර්ගයේ පින් 30 කින් සමන්විතයි.
  2. EDO( Extended Data Output) මේ රැම් වර්ගයේ පින් 72 කින් සමන්විතයි.

DIMM (Dual Inline Memory Module)

මේ වර්ගයේදී රැම් වර්ග කිහිපයක් ආව. ඒව මේ විදිහට දක්වන්න පුලුවන්.

SD RAM 
Synchronous Dynamic Ram නමින් මේව හදුන්වනවා. මේවායේ පින් 168 කින් සමන්විතය. මේවායේ වේගය 100MHz හා 133MHz වෙනවා. මේවා පාවිච්චි කලේ Pentium 1,2,3,4 වලදීයි.


DDR 


මේ රැම් වර්යේදී පින් 184 ක් තියෙනවා. ඒ වගේම මේවයි 200 MHz ඉදන් 400MHz වලින් පාවිච්චි කරන්න පුලුවන්. මේවා ආවේ Pentium 4 Computer වලටයි.

RD RAM



මේවායේ පින් 184 ක් හෝ පින් 232 කින් සමන්විතයි.මේවා සවි කිරීමේදී Support එකක් ඒ සමග සවි කරන්න වුණා.
 

DDR 2
මේ රැම් වර්යේදී පින් 240 ක් තියෙනවා.ඒ වගේම මේවයි 400 MHz ඉදන් 1066MHz වලින් පාවිච්චි කරන්න පුලුවන්. මේවා ආවේ Pentium 4 ,Dual Core, Core 2 Duo, Core 2 Quad Computer වලටයි.

DDR 3


මේ රැම් වර්යේදී පින් 240 ක් තියෙනවා. ඒ වගේම මේවයි 800 MHz ඉදන් 2133MHz වලින් පාවිච්චි කරන්න පුලුවන්. මේවා ආවේ Pentium Dual Core, I3, I5, I7 වගේ Computer වලටයි.
 
Micro DIMM




මේ රැම් වර්ගය පාවිච්චි වන්නේ Laptop සඳහායි.
 

SODIMM 

මේ රැම් වර්ගය Small Outline Dill කියල හදුන්වනවා. මේවා පාවිච්චි කරන්නේ Note Book Computer වලට

DDR 4


මේ රැම් වර්ගය ඉතින් ලගදි ආවේ. තැම වැඩි දෙනෙක්ට පාවිච්චි කරන්න හමුබවෙලා නැතිව ඇති කියල හිතනවා. මේවාගේ Speed එක DDR 3 වලට වඩා ගොඩක් වැඩියි.

මේවා ගැන තවත් ඉදිරියට ඉගන ගන්නවානම් Wikipedia එකේ බලන්න. ඒකේ මේ වගේ දෙවල් ගොඩක් විස්තර ඇතිව හදුන්වලා තියෙනවා.

Monday, March 13, 2017

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 2:01:00 PM
මේ කියන්න යන දේ නම් නම් මම වගේ ගොඩක් අයට වැදගත් වෙනම. පෝන් එක කොහෝ හරි දාල ආය වුවමනා වුනාම පැය ගන්න හොයනව. ඒ වගේ වෙලාවට මේ ක්‍රමය ගොඩක් ප්‍රෙයා්ජනවත් වෙනවා.






Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:40:00 PM
ගොඩක් වින්ඩෝස් 10 පාවිච්චි කරන අයට පොටෝ බලන්න වෙන්නේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතිය පරිගනකයට ඇතුළත් කරද්දි තියෙන Photos කියන එකෙන්. ඒක Windows Photo Viewer එකත් එක්ක බලද්දි ගොඩක් Show. ඒ වගේම Windows Photo Viewer එකෙත් කපු දේවල් කරන්නත් අමාරැයි.
Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:16:00 PM
මේ කියන්න යන ඇප් එකත් ගොඩක් අයට වැදගත් දෙයක් වෙයි කියලා හිතනව. මම දැකල තියෙනවා ගොඩක් අයගේ පොන් එක බිම වැටිලා ටච් එකේ Back key එක, Home Key එක එහෙම වැඩ කරන්නේ නැති වෙලාවල්.

එන්න ඒ වගේ වෙලාවල් වලටයි, ඉක්මනට පහසුවෙන් වැඩ කර ගන්නයි මේ ඇප් එක ගොඩක් වැදගත් වෙනවා.

මේ මම කියන දේ දැන් කිවුව විදිහට ගොඩක් අයට තේරෙන්නේ නැතිව ඇති කියල මම හිතනවා. ඒ නිසා මේ Screenshot එක දැන්නම්. ඒක දැම්මාම මේක තේරෙයි කියලා හිතනවා මම.

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 1:05:00 PM
ගොඩක් කාලෙකින් පෝස්ට් එකක් ලියන්න වුනෙත් නෑ.  ගොඩක් කිවුවට අවුරැද්දක් විතර වෙනව.ඔන්න ඉතින් අද වැදගත් වෙන පොස්ට් එකක් දාන්න කියල ආයෙමක් බොල්ග් එක පැත්තේ ආවා.

මේ කියන්න යන දේ නම් ගොඩක් අයට වැදගත් වෙනව. මොනද ගොඩක් දෙනෙක්ට වෙන දෙයක් තමයි පෝන් එක සාක්කුවේ දාල තියෙද්දි නිකන්ම ටච් වෙන එක. එහෙම වෙන ඕනි තරම් වෙලාවල් දකින්න පුළුවන්. ඕනි තරම් Call ගිහින් ඇති මේ වගේ වෙලා. ඒ නිසා මේ දෙන්නේ ඒ වගෙ දේවල් වලක්ක ගන්න පුළුවන් නියම ඇප් එකක්.

කෙටියෙන් කියන්නම් මේ ඇප් එකෙත් කරන්න පුළුවන් දේවල් ගැන. මේකෙන් පුළුවන් සෙන්සර් එක කවර් වුණ ගමන් Display එක Off වෙන්නත්, සෙන්සර් එක නිදහස් වුණ ගමන් Display එක ආයෙමත් on වෙන්නයි හදන්න. මේ වගේ ගොඩක් ඇප් තියෙනවා. ඒවයින් එකක් ගැන විතරයි මම කියන්න යන්නේ.

මේ ලින්ක් එකෙන් ගිහින් ඒ ඇප් එක Download කර ගන්න.  ඒ ඇප් එක මගේ පෝන් එකේ තියෙද්දි ගත්තු Screenshot ටිකකු් මම පල්ලහයින් දිගෙන යන්නම්කෝ.

Friday, July 29, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:37:00 AM
ගොඩක් කාලෙකින් එක එක වැඩ හින්ද එන්න බැරි වුණා බොග් එක පැත්තේ. ආය ඉතින් දැන් නම් පොස්ට් ටිකක් දිගට දාන්න ප්‍රළුවන් වෙයි කියල හිතනවා. බලමුකෝ මොනව වෙයිද කියල ඉතින්.

ඔන්න ඉතින් අද දෙන්නේ වින්ඩෝස් පෝන් පාවිච්චි කරන අයට නම් සුභම සුභ ආරන්චියක් තමයි. මම ඇතුළු ගොඩක් කට්ටිය බලා හිටපු දෙයක් තමයි imo කියල ඇප් එක කවද්ද වින්ඩෝස් පොන් වලට එන්නේ කියල. එත් ඔන්න කට්ටියටම දැන් බලා ඉන්න දෙයක් නෑ imo තියෙනවා වින්ඩෝස් පොන් වලටත්.

මේක මුලින්ම දුන්නේ වින්ඩෝස් 10 අයට විතරයි. මේ ලගදී ඒක වින්ඩෝස් 8.1 අයටත් දුන්න. ඒ හින්ද හොදයි ඉතින් දැන් ගොඩක් අයට මේක පාවිච්චි කරනන පුළුවන් වෙනවා නේ.

හරි මේක අපිට ගන්න පුළුවන් windows Phone Store එකෙන්. අපි Store රකට ගිහින් imo කියල Search කලාම ගොඩක් imo කියල ඇප් එයි. ඒවායින් අපි තෝරගන්න ඕනි imo.im කියල සමාගමෙන් අපිට දුන්න ඇප් එක. ඒක තමා Original App එක.


අපිට එක් Install කර ගන්න පුළුවන් අපේ පොන් එකට.  ඒ වගේම මේකේ ලොකු සයිස් එකක් නෑ. 4mb විතර පොඩි App එකක් තියෙන්නේ.







මම Imo  වලින් ගත්ත Screenshot වගයකුත් පහලින් දාල තියන්නම්.








ගොඩක් අය කියනයා imo තිබ්බට ඒක Windows phone  එකට Code  එක එන්නේ නෑ කියල. ඒත් මටනම් අවුලක් වුණ් නෑ. මටනම් SMS එකක් ආව.

එහෙම ඔයාටත් බැරි වෙලාවත් Code එක ආවේ නැත්තම් Bluestrick හෝ වෙනත් Android පොන් එකකින් ලොග් වෙලා මේකට ලොග් වෙන්න බලන්න එතකොට හරියයි.

වෙන මොනව හරි පශ්න එහෙම තියෙනවනම් පොඩි Coment එකකින් දාන්න.
බුදු සරණයි.

Tuesday, January 12, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 6:37:00 PM
ඔන්න ඉතින් Hardware කොටස් ගැන ලියන්නත් අදම පටන් ගන්නව. ඒත් එක්කම තමයි මම මේකෙදි කරන්නේ Computer එසේ අස්සේ තියෙන කොස් ගැන කතා කරම්නි ඒවයි තියෙන Port, Slot, Socket එහෙම වගේ ඔක්කොම ගැන කතා කරනව. ඒ හින්ද මේක ගොඩක් දිග් වෙයි. ඒ හින්න පොස්ට් දෙන තුනකින් දාන්න වෙයි. ඔක්කොම බලන්න. එහෙම නැතිම මම බාගයක් දුන්න කියල බනින්න ලැස්ති වෙන්න එපා.
කතා කරන්න හිතන් ඉන්න පිලිවෙල මුලින් කියන්නම්.


  1. -          Mother Board
  2. -         CPU
  3. -          RAM
  4. -          VGA
  5. -          Power Supply
  6. -          Hard Disk
  7. -          Disk Drive
  8. -          External Drive


ඔය වගේ දේවල් ගැන තමයි සරලව වගේම සංකීර්ණවම කතා කරන්න තියෙන්නේ.  ඒ හින්ද ගොව්‍ඩක් වැදගත් වෙයි කියල හිතනව.

Mother Board


Mother Board කිවුවාම ඕනි කෙනෙක් දැකල තියෙනවනේ.  මේකෙන් තමයි පරිගණකයක සිදු කරන කටයුතු වලින් බොහෝ දේවල් කරන්නේ. ඒත් එක්කම පරිගණකයට සවි කරන සියලුම දේවල් සවි කරන්නේ මේ කොටස‍ට.

Motherboard වල තියෙන කොටස් මේ විදිහට සරලව කියා දෙන්නම් මම.
  1. Processor Slot / Sockect
  2. ISA Slot
  3. PCI Slot
  4. AGP Slot
  5. AMR
  6. PCI Express Slot 16x / 1x
  7. Memory Slots (RAM Slot)
  8. Disk Drive Connector
  9. Power Conecter
  10. Chip Set
  11. Bus Line
  12. BIOS Chip
  13. BIOS Battery
  14. Jumper
  15. Front Panal Conecter
  16. Back Panal Connectors
මේවයින් ගොඩක් දේවල් ගැන කියල අද Post එකත් මම ඉවර කරල දාන්නම් කෝ.

Processor Slot / Sockect
 
 මේ තියෙන පොටෝ වල තියෙන්නේ Processer එක සම්බන්ධ කරන ස්ථානය හෙවන් Processer Slot/ Socket එකක් පින්තුර කිහිපයන්.  ඒවායින් මුල්ම කාලයේදී පරිගණකයේ RAM සම්බන්ධ කරන ස්ථානයේ පිහිටන සේ Slot එකක් ආ. (2 වන පින්තූරය බලන්න) එමෙත් ටික කාලයන් යන විය Pentium 3 හා Pentium 4 මුල් කාලයේදී සිදුරැ සහිත ආකෘතියන් සහිතව පැමිණියත් (1 වන පින්තූරය) ඉන් පසු Dual Core ආධී කාලයෙදී පින් සහිත Processes Socket එකක් ආව. (3 වන පින්තූරය)  මේවාත් එකක එක ආකාරයෙන් දියුණු කරන කාලයත් සමග වෙනස් මෙින් එනව. ඒ ගැන තව ටික දවසකින් කියන්න බලාපොරොත්තු වෙනවා.

PCI Slot /AGP Slot / PCI Express Slot 16x 

 


මේක දිහා බලන්න. මේවා ගැනත් ඉදිරියේදී දීර්ග විස්තරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මේව ගැන කියල පටන් ගන්න එකෙන් තේරැමක් නැති වෙනවා. සරලව කිවුවොත් PCI  Slot කියන්නේ ඔය අන්තිමට තියෙන Slot එකක්. ඒතෙන් මුලින්ම VGA , Sound Card, Network Card ආධිය Computer එකට සම්බන්ධ කරන්න පාවිච්චි කළා. ඒ වගේම මේ කාලයේදීත් VGA සම්බන්ධ කිරීමට පාවිච්චි නොකලත් අනිත් Sound Card, Network card ආධිය සම්බන්ධ කිරීමට මෙම කොටස තාමත් පාව්ච්චි කරලවා. ඒ වගේම AGP කියන් P4 වගේ පරිගණක වල VGA එක් Separate සම්බන්ධ කිරීමට පැමිණි කොටසයි. ඒ වගේම PCI Express කියන්නේ මේ කාලයේ VGA සම්බන්ධ කිරීමට භාවිතා කරන කොටස. මේවයින් තවත් දේවල් කරන්න පුලුවන්. ඒව ගැන පස්සේ කියන්නම්.

Memory Slots (RAM Slot)

 

 Computer වලට රැම් සම්බන්ධ කරන්නේ මෙන්න මේ උඩ පින්තූරයේ තියෙන කොටසින් කමයි. මේවයිත් විවිධ කාල වලදී විවිධ වර්ග ආව. ඒව
  • SD
  • RD
  • DDR 1
  • DDR 2
  • DDR 3 
  • DDR 4
වගේ විවිධ නම් වලින් ආව. මේ කිවුව කොටස් තුන ගැනම වෙන වෙනම ලොකු පොස්ට් එකක් දාන්න ඉන්නව.   ඒව මම ඉක්මනටම දාන්නම්.

 Disk Drive Connector

 

 Computer එකට Hard Disk, CD/DVD Drive පරිගණයට සම්බන්ධ කරන්නේ මෙන්න මේ ස්ථානයෙන් තමයි. ඒතට ප්‍රධාන වශයෙන් කොටස් 03 ක් අපි පාවිච්චියේදී හමුබවෙනවා. ඒව තමයි මේ.
  • Floppy Disk Drive Conecter (මේවා දැන් වැඩිය භාවිතා කරන්නේ නෑ)
  • IDE Connecter (මේවාත් මේ කාලයේදී වැඩි වශයෙන් භාවිතයෙන් ඈත් වෙමින් පවතිනව. සමහර අලුත් Mother Board වලනම් මේ Slot එක එන්නේ නෑ)
  • Sata Connecter මේක තමයි දැන් වැඩි වශයෙන් පැවිච්චි කරන්නේ. Hard Disk, CD/DVD Drive සම්බන්ධ කිරීමේදී මේ කොටස අපිට පාවිච්චි කරන්න වෙනවා.
 Power Conecter

 

 පරිගණකය විදුලිය හා සම්බන්ධ කරන්නේ මේ කොටසින්. මේක මුල් කාලයෙදී පොඩි කොටසක් ලෙස ආවත් පසුව Pin 20, Pin 20 + 4, Pin 24 + 4, Pin 24 + 6 වගේ ඒවයින් ආව.ඒ ගැන Power Supply ගැන කතා කරද්දි කියා දෙන්නම්.
 
Chip Set


පරිඝනකයේ සිවලුම කොටස් අතර සම්බන්ධතාවය පවත්වාගෙන යන්නේ මේ කොටස මගින්. පරිගනකය නවීකරණය වීමත් සමග/ මේ කොටස විවිධ වෙනස්කම් හා පුලුල් වීම් මගින් කොටස් වලට බෙදෙමින් හා කොටස් එක් වෙමින් ඇවිත් තියෙනවා. ඒ ගැන අන්තිමට කියල දෙන්නම්. 

Bus Line


මේවයින් තමයි පරිඝනකය හරහා විදුලිය එහා මෙහා යවන්නේ. මේවායින් හරියට විදුලිය ගමන් නොකරන වෙලාවට පරිඝනය Slow වීම, පරිඝනය ඔන් නොවීම, නිතරම පරිඝනකය Restart වීම වගේ දේවල් සිදුද වෙන්න පුලුවන්

BIOS Chip


මේ කොටසින් තමටි පරිඝනකයට සම්බන්ධ කරන උපකරන හදුනාගන්නේ. ඒ කියන්නේ මුලින්ම BOOT වෙන්න ඕනි Hard Disk එක DVD ROM රක වගේ දේවල් හදන්න තියෙන්නේ. මේකෙන් හදුනාගන්න හමුරැ දේවල් Drivers වලින් හදුනා ගන්නවා. මේ Chip එක වැඩ කරන්නේ නැති වුණාම පරිගණකය ඔන් වෙන්නේ නෑ.

BIOS Battery


මේ කොටසින් තමයි පරිඝණකයේ ඇති සාමානය මතකය තබා ගන්නේ. ඒ කියන්නේ සරලව පරිගණකයේ වෙලාව නිවැරදිව වැඩ කරන්නේ ටම් බැටරිය මගින්. මේකේ අපිට Biso වලට දාල Password වුණත් අයින් කරන්න පුලුවන් හැතියාවක් තියෙනවා. ඒ වගේ වැදගත් දේවල් මේ Battery එක මගින් සිද්ද කරන්න පුලුවන්.


Front Panal Conecter


පරිගණකයේ ඉදිරිපස USB Port, Sound Port වගේ දේවල් සවි කරන්නේ මේ කොටසට තමයි. මේ පොටෝ එකේ තියෙන්නේ ඒ තැන් තමයි.

Back Panal Connectors


පරිඝනකයේ පිටිපස්සේ ඇති USB, Sound, VGA, Serial, Network වගේ දේවල් හදුන්වන්නේ මේ නමින් තමයි. මේ උඩ Photo එක බලන්න.


ඔන්න Mother Board එක ගැන නම් කියල ඉවර කරා කෙටිවෙන්. මේ වගේ නෙවෙයි. මේක ගොඩක් විස්තර ඇතිව බලා ගන්න පුලුවන් මේ පොස්ට් එක ඉවර වෙනකම් බැලුවොත්.

බුදු සරණයි.

Sunday, January 10, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:44:00 AM
ගොඩක් Chiness විවිධ සාදිලි වල පොන් වලට පාවිච්චි කරන දෙයන් ගැන තමයි මම මේ දැනි කියන්න යන්නේ. පොඩි විස්තරයකුත් එක්කම මම මේක කියල දෙන්නම්කෝ.

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 7:30:00 AM
මම මේ අද දෙන්න යන්නේ කලින් ආපු ඒ තියන්නේ ටිකක් පරණ Scanner එකක් ගැනයි. මේ Scanner එක ආවේ මට මතක විදිහට මීට අවුරැදු 5 කට විතර කලින්.

Tuesday, January 5, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 8:07:00 AM
ඔන්න හැමදාම වගේම අදත් ඔයාලට වැදගත් පෝස්ට් එකක් අරන් අදත් හ්‍මම ආව. මේ ටිකේ නිතරම පොස්ට් ටිකක් දාන්න පුලුවන් වුණා Dialog එකට පින් සිද්ද වෙන්න හි හි.

මේ ඔය අද මම කියා දෙන්න යන්නේ අපි Computer එකට Insatll කරල තියෙන OS එක කොහොමද එහෙමම එ5ඒ කියන්නේ Software එහෙම ඔක්කොම එක්ක වෙනත් Hard Disk එකකට Copy කරන්නේ කියල.

Saturday, January 2, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 10:39:00 PM
ඔන්න Dialog 4G පාවිච්චි කරන අයට වැදගත් වෙන දෙයක් තමයි මම දැන් කියන්න යන්නේ.