Tuesday, February 3, 2015

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 5:12:00 PM

ඔන්න අද සුපිරි වැඩක් කරන හැටි කියා දෙන්නයි යන්නේ. TeamViewer කියන Software එක ගැන ඔයාල අහල ඇතිනේ. මේකෙන් Computer එකකින් තවන් Computer එකක වැඩ කරන්න පුලුවන් බව දන්නව ඇතිනේ. ඒ වගේම අද මම කියන්නේ පොන් එකකින් Computer එකක වැඩ කරන හැටියි.


 
මේකත් කරන්නේ මම කලින් කියපු Software එකින්ම තමයි. ඔයාලගේ පොන් එකටයි Computer එකටයි දෙකටම මේ Software එක Install කරල තියෙන්න ඕනි. Team Viewer  නැති අය මෙතනින් ගන්න


දැන් මේ Software එක Compuer එකට Install කර ගන්න Normal Persional Computer එකකි විදිහට Default Setting වලට අනුව. හරි එහෙනමි Computer එකට Install කරල ඉවරයි. දැන් පොන් එකටත් Download කරපු File එක දා ගෙන ඒක Install කර ගන්න.

දැන් ඒ වැඩේ නම් හරි. Computer එකේ Team Viewer කියන එක Open කර ගන්න. එතකොට Remote Control කියන තැන යටින් Your ID එකයි Password එකයි පෙන්නයි. හරි ඒකත් හරි එහෙනම්.
ආ කියන්න අමතක වුනා මේව කරන්න නම් Internet Connection එක නම් අනිවාර්යයෙන්ම ඕනි වෙනව.


දැන් Phone එකෙන් Team Viewer App එක Open කර ගන්න. (ඒකෙ වැඩ කරන හැටි පෙන්වන පොඩි ටිකක් යයි. ඒ ටික Next කරල දාන්න)

හරි එහෙනමි දැන් පහල ආකාරයේ Screen එකකි පෙන්නයි. (පොන් එකෙත් Data On කර ගන්න)


ඒකෙ Team Viewer ID කියන තැන ඔයාලගේ Computer එකේ  Your ID කියන තැන තියෙන Number ටික Type කරන්න.


ඊට පස්සේ පහලින් තියෙන Remote Control කියන එක Click කරන්න.


හරි දැන් ටික වෙලාවක් යනකොට Password එක ඉල්ලයි.ඒකට ID එක ගත්තු තැන යට තියෙන Password එක දෙන්න.



දැන් ටිකකින් Touch එක Mouse එක විදිහට වැඩ කරන හැටි පෙන්වයි. ඒක බලල Continue කරල දාන්න.


දැන් වැඩේ ගොඩ ඇති හරියට කලානම්. Screenshot  ටිකත් බලල හරියට කරල බලන්න. 




මේ ඔක්කොම කලේ මගේ Android Etel i7 පොන් එකෙන්. ඔයාලගේ Android Phone වල මේ විදිහට හදා ගන්න පුලුවන් වෙයි. Windows, Apple පොන් වලටද මේක කරන්න පුලුවන් වෙයි. 

අවුලක් තිබ්බොත් එහෙම Comment එකක් දාන්න. මම ගියා.

0 අදහස්:

Post a Comment