Friday, January 1, 2016

Posted by ඩිඡිටල් තා‍ක්ෂණයෙන් බිදක් On 9:11:00 AM
මම කියපු විදිහට සමහර අයට තේරෙන්න නැතිව ඇති. මම ඒක සරලව පැහැදිලි කරන්නම්. මම මේ දැන් කියන්න යන්නේ Computer එකේ අපි දාල තියෙන Os එකේයි, ඒකට Install කරල තියෙන Software ඔක්කොගෙමයි සමපුර්ණ Backup එකක් අරන් ඒකෙන් කොහොමද Computer එකක් Boot කරන්නේ කියල. මේක හදා ගන්න හැටි මම අද කියා දෙන්නම්.

හරි දැන් මේක කරන්නේ කොහොමද කියල කතා කරමු. මම හිතනව මේක දිග පොස්ට් එකක් වෙයි කියල. ඒත් කමක් නෑ වැදගත් වෙන දෙයක් හින්ද පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැතිව කියා දෙන්නම්.

මේක කරන්න අපිට Software මොනවත් ඕනි වෙන්නේ නෑ. ඔනි වෙන්නේ මේ වගේ දේවල් ටිකක්.

  1. අමතර HardDisk එකක්.
  2. Empty DVD එකක්
ඔය කියන ඒව තමයි අපිට වුවමනා වෙන්නේ. ඒත් එක්කම මේක කරල ඉවර වෙනකම් Light නොයා තියෙනවනම් ගොඩක් හොදයි.  ඒ කිවුවේ UPS එකක් පාවිච්චි කරන්න කියල. එතකොට බය වෙන්න දෙයක් නෑ.

හරි මේ ටික හොයා ගත්තනම් අපි මේක කරන්නේ කොහොමද කියල බලමු.

මුලින්ම Start ගිහින් ඒකෙ තියෙන Getting Started කියන එකය ගිහින් ඒකේ තියෙන Back up Your Files කියන එකට යන්න.

හරි දැන් මේ වගේ එකක් එයි ඔයාලට. ඒකෙන් යන්න Create a System Image කියන එකට


හරි දැන් මේ වගේ එකක් එයිනේ ඔයාලට. ඒකෙන් ශයාල On Hard Disk කියන එකට මේ Back Up එක යන්න ඕකි කරන Partition  එක තෝරන්න. අනිත් එවට දුන්නත් කමක් නෑ. Network එකේ වුණත් කමක් නෑ.


හරි දැන් මේ වගේ එකක් එයිනේ ඔයාලට. ඒකෙන් Back Up වෙන්න ඕකි කැන Partition ටික තෝරන්න.


හරි දැන් අන්තිම වශයෙන් මේ වගේ එකක් එයිනේ ඔයාලට. ඒකෙන්  Start Back Up දෙන්න


දැන් මේ විදිහට Backup වෙනව බලා ගන්න පුලුවන් වෙනව ඔයාලට.








හරි දැන් මේ Backup එක Partition එකට ගිහින් ඉවරයි. දැන් කරන්න තියෙන්නේ තියෙන්නේ මේක Boot වෙන්න හදා ගන්න.

මේ විදිහට කරන්න ඒකට. මුලින්ම මෙතනින් මේකෙන් Create a System Repair Disc කියන එකට යන්න.


දැන් මේ වගේ එකක් එනවනේ. ඒකෙන් අපි DVD එක දාල තියෙන Drive එක තෝරන්න.


හරි ඒක Crate Disc දුන්නාම ඒක මේ විදිහට හැදනෙව පෙන්වයි.


ඒක ගිහින් ඉවර වුණාම Close කරන්න.


මේකේ දෙවන කොටසින් ලගදීම හමුවෙමු.

බුදු සරණයි.

0 අදහස්:

Post a Comment